Monday, February 16, 2026
Follow Us
ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයට ඥාණසාර හිමිගේ නම යැව්වත් නීතිමය ගැටලුවක්

අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කර තිබෙනවා.

එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියේ ඊට අදාළ ලිපිය අද (09) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කළ බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධූරයට නම් කිරීමේදී නීතිමය ගැටළුවක් මතු වුව ද එය විසඳා ගැනීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවයි අපේ ජන බල පක්ෂයේ සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියනගේ කුරුණෑගල නාමයෝජනා ප්‍රතික්ෂේප වීමත් සමග මෙම ගැටලුව පැණ නැගී ඇති බවයි. ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු සිදු කරගෙන යන බවත් සඳහන් කළා.

(Neth)