Monday, February 16, 2026
Follow Us
විදෙස්ගත ලාංකිකයින් යලි මෙරටට ගෙන්වීම අද ඇරඹේ

තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව ඩුබායි සිට ශී‍්‍ර ලාංකිකයින් 440 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිත අතර ලෙබනන් රාජ්‍යයට ද විශේෂ ගුවන් යානයක් පිටත් කර හැරීමට නියමිතයි.

ඒ පිළිබද නෙත් නිවුස් වෙත කරුණු දැක්වූ විදේශ සබදතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් විශ‍්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ.

විදෙස් ගත ශී‍්‍ර ලාංකිකයින් හතලිස් දහසක් පමණ යළි දිවයිනට පැමිණීමට අපේක්‍ෂාවෙන් සිටින බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(Neth)