Monday, February 16, 2026
Follow Us
දිස්ත්‍රික්ක 12 ක මනාප ඡන්ද ගණන් කිරීම ඇරඹේ

මේ වන විට දිස්ත්‍රික්ක 12 ක මනාප ඡන්ද ගණන් කිරීම ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් “අද දෙරණ”ට සඳහන් කළේය.

ඔවුන් පවසන්නේ එම ප්‍රතිඵලද හැකි ඉක්මනින් ලබා දිය හැකි වනු ඇති බවය.

2020 මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරිම මේවන විට දිස්ත්‍රික්ක ගණනාවක අවසන් වී තිබේ.

එම දිස්ත්‍රික්කවල මනාප ඡන්ද ගණන් කිරිමේ කටයුතු ආරම්භ කර ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් පැවසුවේ.

(Lanka Leads)