Monday, February 16, 2026
Follow Us
ස්වයං නිරෝධායනය වන පිරිසට ඡන්දය භාවිතා කිරීමට සවස 4 .00 සිට අවස්ථාව

නිවසේ සිට ස්වයං නිරෝධායනය වන පිරිසට ඡන්දය භාවිතා කිරීම සඳහා අගෝස්තු 05 වැනි අද දින සවස 04 සිට 05 දක්වා කාලය ලබා දී ඇති බවත්, එහිදී අතිරේක ජ්‍යේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයකු ලෙස කටයුතු කරන සෞඛ්‍ය සේවා නිලධාරියකුගේ මග පෙන්වීම යටතේ සෞඛ්‍යාරක්ෂිතව ඡන්දය ලබාදීමට ඔවුන්ට හැකියාවක් ඇති බවත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් (03) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මැතිවරණ කොමිසමේ නිල මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, නිරෝධායනය වන පිරිස් ඡන්දය ලබාදීමට පැමිණීමේදී පොදු ප්‍රවාහනය භාවිතා නොකළ යුතු බවත්, ඔවුන් විසින් සිය පෞද්ගලික වාහන හෝ පවුලේ පිරිස්ම පමණක් පැමිණෙන ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කළ යුතු බවත්ය.

(news.lk)