Monday, February 16, 2026
Follow Us
බඹර කූඩුවක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් වෙනස් වෙයි

වන්නි මැතිවරණ කොට්ඨාශයේ වව්නියාව ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය වවුනියාව දකුණ ප‍්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත රැගෙන ගොස් තිබෙනවා. ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ බැඳ ඇති බඹර කූඩුවක් හේතුවෙන් මෙලෙස එම ඡන්ද මධ්‍යස්ථානය වෙනත් ස්ථානයට මාරු කිරීමට පියවර ගත් බවයි වන්නි දිස්ති‍්‍රක් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස් එම් සමන් බන්දුලසේන පැවසුවේ.

ඒ අනුව වව්නියාව ඊරට්පෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ස්ථාපිත කර තිබූ ඡුන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින සියලූ ඡන්ද දායකයින් වව්නියාව දකුණ ප‍්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය වෙත පැමිණ සිය ඡන්දය ප‍්‍රකාශ කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.

(NEth)