Monday, April 06, 2026
Follow Us
ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් පිරිසක් දේශපාලන රැස්වීම්වල - ඡායාරූප සාක්ෂිත් හමු වෙයි

මැතිවරණ රාජකාරී සඳහා තෝරා ගෙන සිටි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් පිරිසක් මැතිවරණ රාජකාරීවලින් ඉවත් කිරීමට නුවරඑළිය දිස්තී‍්‍රක් තේරිම්භාර නිලධාරී රෝහණ පුෂ්ප කුමාර පියවර ගෙන තිබෙනවා.

ඒ, එම නිලධාරීන් පිරිස දේශපාලන පක්ෂයක රැස්වීම්වලට සහභාගී වීම හේතුවෙන්. ඔවුන් එම රැස්වීම්වලට සහභාගී වී සිටින ඡායාරූපද ලැබී ඇති බවයි නුවරඑළිය දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීවරයා කියා සිටියේ.

(Neth)