Monday, February 16, 2026
Follow Us
ශී‍්‍ර දළඳා මාලිගාවේ අවසන් රන්දෝළි පෙරහැර අද

මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළඳා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝළි පෙරහැර අද (03) රාතී‍්‍රයේ වීථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අද රාත්‍රි 7.14ට යෙදී ඇති සුබ මොහොතින් ශ්‍රී දළඳා මාලිගාවෙන් පිටත් වෙන පෙරහැර දළඳා වීදිය, යටි නුවර වීදිය, කන්දේ වීදිය, ඩී. එස් සේනානායක වීදිය ඔස්සේ විත් රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට නියමිතයි. මහජන සහභාගීත්වයෙන් තොරව පෙරහැර පැවැත්වෙනු ඇති.

(Neth)