Monday, February 16, 2026
Follow Us
කළුතර බන්ධනාගාරයෙන් නිරෝධායනයට ලක් කළ රැඳවියන් දෙදෙනෙකු පළා යයි

කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අද අළුයම පළාගොස් තිබෙනවා.

එලෙස පළාගොස් ඇත්තේ එම බන්ධනාගාරයේ නිරෝධායනය සඳහා යොමු කරන එස් වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙක්.

පළා යාමට තැත් කළ තවත් රැඳවියෙකු බන්ධනාගාර පරිශ‍්‍රයේදීම අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්ව තිබෙනවා.

එලෙස පළාගොස් ඇති රැඳවියන් දෙදෙනා සහ පළායාමට තැත් කළ අනෙක් රැඳවියා, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත බන්ධනාගාරගත කළ අය බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.

(Neth)