Monday, February 16, 2026
Follow Us
පනවා තිබූ සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කෙරේ

රාජාංගණය ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පනවා තිබූ සංචරණ සීමාවන් අද (31) සිට සම්පූර්ණයෙන් ඉවත් කෙරෙනවා.

රාජාංගණය ප‍්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ, වෛද්‍ය තේජන සෝමතිලක පැවසුවේ, සංචරණ සීමා පනවා තිබූ ගම්මාන 05 ක සංචරණ සීමා අද දිනයේ ඉවත් කෙරෙන බවයි.

රාජාංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ස්වයං නිරෝධායනය ලක් කළ පිරිසෙන් සියයට 90 ක් පමණ මේ වනවිට නිරෝධායන කි‍්‍රයාවලිය අවසන් කර ඇති බව ද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)