Monday, February 16, 2026
Follow Us
මතිවානන්ගෙන් හිස් වූ පුටුව ජයන්ත ධර්මදාසට

ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් ආයතනයේ හිස් වූ උප සභාපති ධූරය සදහා ජයන්ත ධර්මදාස පත් කර තිබෙනවා. මීට පෙර එම තනතුරේ රාජකාරි කළ කේ මතිවානන්ද ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම පත් කිරීම සිදුකළ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

ඒ, එම ආයතනයේ් විධායක කමිටුව ඒකමතිකව ගත් තීරණයට අනුවයි.

සිය ඉල්ලා අස්වීම පිළිබද හේතු ලෙස කේ. මතිවානන්ද පවසා තිබුණේ වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

එහෙත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට විධායක කමිටුව තීරණයක් ගෙන තිබියදී ඔහු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි ඊට ප‍්‍රතිචාර දක්වමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසන්නේ.

(Neth)