Monday, February 16, 2026
Follow Us
ජෝර්දානයේ සිරවූ ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට යයි

රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිස කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඊයේ දිනයේ එරට පොලීසියේ කදුළු ගෑස් ප‍්‍රහාරයකට ලක්වූයේද මෙම පිරිසයි. අදාළ සිදුවීමෙන් පසු මේ වනවිට මෙම ශී‍්‍ර ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණියගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

ඊයේ හටගත් එම සිද්ධිය සම්බන්ධයෙන්ද මෙහිදි පැහැදිලි කෙරුණා.

ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැුකියා අහිමි වී සිටින ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 500 කට ආසන්නයි.

(Neth)