Monday, February 16, 2026
Follow Us
මැතිවරණයෙන් පසු ශී‍්‍ර ලංකාවට යළි කි‍්‍රකට් වසන්තය

ලංකා ප‍්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාසයේදී පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනනයේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව එළැඹෙන අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා ක‍්‍රීඩාංගණ හතරකදී මෙම තරගාවලිය පැවැත්වෙන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික‍්‍රමරත්න නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ.

විදෙස් ක‍්‍රිඩකයින් 74 දෙනෙකුද මෙම තරගාවලියට එක්වීමට නියමිතයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තරග නැරඹීමට, කී‍්‍රඩාංගණ තුළට පැමිණෙන පේ‍්‍රක්ෂකයින් සීමා කිරීමටද තීරණය කර තිබෙනවා. ඒ අනුව කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්ෂක ධාරිතාවෙන් සියයට විස්සක පමණ ප‍්‍රමාණයක් කී‍්‍රඩාංගණ තුළට ඇතුලූ කර ගන්නා ලෙස කී‍්‍රඩා අමාත්‍යංශය විසින් ඉල්ලීමක්ද කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා සදහන් කළේ.

කොරෝනා වෛරසයෙන් පසු ආරම්භ වූ පළමු කි‍්‍රකට් තරගාවලිය වන එංගලන්ත - බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය මේ වනවිට සාර්ථකව කි‍්‍රයාත්මක වනවා.

(Neth)