Monday, February 16, 2026
Follow Us
කොරෝනා රෝගීන් සිටින රෝහල්වලට යුධ හමුදා ආරක්ෂාව

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සිටින රෝහල්වල ආරක්ෂාව සඳහා පොලිසිය සහ යුධ හමුදාව යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

"දැනට බොහෝ රෝහල්වල පෞද්ගලික රෝහල් ආරක්ෂකයින් මාර්ගයෙන් තමයි ආරක්ෂාව කරලා තියෙන්නෙ. ඊට අමතරව ඒ රෝහල්වලට ඒ ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ සහ යුධ හමුදාවේ ආරක්ෂාව ලබාදී තිබෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ IDH රෝහලෙන් කොරෝනා රෝගියකු පැනයාමේ සිද්ධිය පිළිබඳ කරුණු විස්තර කිරීම සඳහා ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

(LNW)