Monday, February 16, 2026
Follow Us
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයටත් ඡන්දයට වෙනම දිනයක්

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින ඡන්දදායකන්ටද සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජුලි 31 වැනිදා වෙන්කර තිබේ.

මැතිවරණ කොමිසම පවසන්නේ ඊට අදාල සියලු කටයුතු මේ වනවිට සකස් කරමින් සිටින බවයි.

රාජ්‍ය සේවකයන් තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු සිදුවන ආකාරයෙන් නිරෝධයන මධ්‍යස්ථාවල සිටින ඡන්දදායකයන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමද සිදුවනු ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

(LNW)