Sunday, August 23, 2026
Follow Us
කන්දකාඩු පොකුරට සම්බන්ධ ආසාදිතයින් 560ක්

කන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.

මේ අතරින් පුද්ගලයන් 451ක් පුනරුත්තාපනයවන රැඳවියන් වෙයි. තවත් පුද්ගලයන් 63 ක් කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙයි. ආරාධිත කාර්ය මණ්ඩලයේ රැඳවියන් 05 ක් හා කන්දකාඩු පොකුරට සමීප සමබඳතා පැවැත්වූ 41ක් මෙසේ කොවිඩ් ආසාදිතයන් වී තිබේ.

(Lanka Leads)