Sunday, August 23, 2026
Follow Us
SSC ලොකු පුටුව මහේලට

SSC කී‍්‍රඩා සමාජයේ කි‍්‍රකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

ඒ, එම කී‍්‍රඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි.

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ කි‍්‍රකට් නායකයෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන මීට පෙර SSC කී‍්‍රඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළා.

(Neth)