Sunday, August 23, 2026
Follow Us
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේත් තහනම් භාණ්ඩ රැසක්

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ ඊයේ (08) දහවල් සිදුකළ වැටලීමකදී ජංගම දුරකතන 12 ක් සහ එම බැටරි 113 ක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී සිම් කාඞ්පත් 5 ක් ද සොයා ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. වැටලීම සිදුකර ඇත්තේ Y වාට්ටුව තුළයි. ඒ, බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින්.

රැඳවූවන්ට ජංගම දුරකථන ඇතුළු තහනම් භාණ්ඩ ලබාදීම සඳහා ආධාර අනුබල දෙන බන්ධනාගාර නිලධාරීන්ට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක පැවසුවේ.

(Neth)