Sunday, February 15, 2026
Follow Us
PCR පරීක්‍ෂණ වෙනුවෙන් මුදල් අය කිරීමේ සූදානමක්

කොරෝනා රෝගීන් හඳුනා ගැනීමේ දී සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් වැයවෙන මුදල ඉදිරියේදී මෙරටට පැමිණෙන ගුවන් මගීන්ගෙන් අය කර ගැනීමට අවධානය යොමුව තිබෙනවා.

ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජිව් සූරියආරච්චි සදහන් කළේ මෙම පරීක්ෂණ සඳහා එක් අයෙකුට රුපියල් 6500 ත් 8000 ත් අතර මුදලක් වැය වන බවයි.

කෙසේවෙතත් ගුවන්තොටුපළ විවෘත කිරීමෙන් පසු එම මුදල දැරීම ඉතා අපහසු බව ද ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල අගෝස්තු පළමු වැනිදා සිට විවෘත කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

(Neth)