Sunday, February 15, 2026
Follow Us
දිවයින වටා වන සාගර කලාපයේ ආරක්ෂාව තර කෙරේ

නීතිවිරෝධී සංක‍්‍රමණ සහ අනෙකුත් ජාවාරම් මැඩ පැවැත්වීමට දිවයින වටා වන සාගර කලාපයේ ආරක්ෂාව තර කර ඇති බව ශී‍්‍ර ලංකා නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පැවසුවේ දේශීය මුහුදු තීරය මෙන්ම ජාත්‍යාන්තර මුහුදු සීමාවේ ද මෙහෙයුම් සඳහා නාවික හමුදාවේ නෞකා යොදවා ඇති බවයි.

වැඩි ධීවර ඝණත්වයක් පවතින උතුරු සහ වයඹ මුහුදු ප‍්‍රදේශවල විශේෂ මෙහෙයුම් රැසක් කි‍්‍රයාත්මක කර ඇති බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවා.

මුහුදු මාර්ග ඔස්සේ සිදුවිය හැකි නීතිවිරෝධී සංක‍්‍රමණ සහ අනෙකුත් ජාවාරම් සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇතිකරගත යුතු නැතැයි ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී පෙන්වා දුන්නා.

(Neth)