Saturday, February 14, 2026
Follow Us
ඊයේ කොරෝනා රෝගීන් 21න් 16ක් කුවේට් සිට පැමිණි අය

ඊයේ (07) දිනයේදී මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 21 දෙනා අතරින් 16 දෙනෙකුම කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

තවත් දෙදෙනෙකු කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අය වන අතර බංග්ලාදේශයේ සිට පැමිණි එක් අයකුත් බ්‍රිත්‍යාන්‍යයේ සිට පැමිණි දෙදෙනෙකුත් එම ආසාදිතයින් අතර වෙති.

මෙතක් වාර්තා වුණු සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1835කි.

(LNW)