Saturday, February 14, 2026
Follow Us
කොවිඩි තුරන්වනතුරු පාපැදිය රත්තරන්

කොවිඩ් වසංගතය අවසන්වනතුරු පාපැදිය ඉතා උචිත ප්‍රවාහන ක්‍රමයක් ලෙස නිර්දේශ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එහිදී පවුලේ සාමාජිකයෙක් හැර වෙනත් පුද්ගලයන් පාපැදියේ රැගෙන යාමෙන් වළකින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි. පාපැදිය සමාජ දුරස්ථතාව ඇතුළු සෞඛ්‍ය නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කළ හැකි ප්‍රවාහන සේවාව බව සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.

(Aruna)