Friday, February 13, 2026
Follow Us
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතී

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතියේ යාවත්කාලීන කටයුත්තක් හේතුවෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාල හා පළාත් ප්‍රධාන කාර්යාල මඟින් සිදු කෙරෙන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම් කටුතු ලබන සඳුදා (18) තෙක් තාවකාලිකව නතර කර ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කාර්යාල කටයුතු සිදු නොවීමෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් එකතු වී තිබීම මිට හේතු වී ඇත.

එම ආයතනය සඳහන් කරන්නේ ලබන සඳුදා සිට බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන බවයි.

(Aruna)