Wednesday, April 01, 2026
Follow Us
කොරෝනා රෝගීන් 16ක් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 863 දෙනෙක් වාර්තාවී තිබෙනවා. ඊයේ (10) දිනයේදී වාර්තා වූ රෝගීන් 16ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටින්නේ.

මෙලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සෙබළුන් වන අතර එක් පුද්ගලයෙක් නාවික හමුදා සාමාජිකයින්ගේ ආශ්‍රිතයෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

අනෙක් රෝගීන් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයින් දෙදෙනෙක් වනවා.

(Neth)