ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) සිය සහතිකය සටහන් කළේය.
ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.
ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණදැයි සොයා බලා අනුමැතිය දීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තිබෙන බවත්, ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතු නමුත් සිටින්නේ මහජනතාවගේ පැත්තේ නොවන බවත් සමඟි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
• ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීම නොවැම්බර් 13 වැනි සඳුදා ප.ව 12.00 ට පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මේ අතර 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සදුදා ප.ව 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහලේකම්වරිය පැවසීය.
“සබන් නූඩ්ල්ස්” ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමි විය.
දියුණු කළ හැකි ක්ෂේත්‍ර හඳුනගනිමින් එම ක්ෂේත්‍ර දියුණු කර අනුරාධපුරය ස්වයංපෝෂිත නගරයක් බවට පත්කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ද පෙරමුණේ දිවයින පුරා ඒකාබද්ධ සිටින ශ්‍රව්‍ය, දෘශ්‍ය හා ශාරීරික ආබාධ සහිත පිරිසක් ඊයේ (17) පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.
මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසරකට පෙර රාජ්‍ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පණිවිඩයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එය නිවැරැදි නායකත්වය යටතේ රට යහපත් ආර්ථික දිශානතියක ගමන් කරන බවට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදි සම්මත වූ පනත් කෙටුම්පත් 05 කට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.
අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීමට පවත්වනු ලබන 23 වැනි අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණ.
වත්මන් ගෝලීය සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී දැඩි විනිවිධභාවයකින් සහ අදාළ ක්ෂේත්‍රයන් පිළිබඳ දැඩි අධ්‍යනයකින් කටයුතු කිරීමට රජය සූදානම් බව වැඩබලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.
• රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් (Cross check) ක්‍රියාත්මක නොවීම බරපතල ගැටලුවක් - සෑම රෝහලකම කඩිනමින් නිසි කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් නිර්දේශ
Page 52 of 554