Wednesday, January 28, 2026
Follow Us
ක්‍රිකට් ගැන සෙවීමට තේරීම් කාරක සභාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

මේ ගැන සෙවීමට විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ බවද ඔහු සඳහන් කළේය .

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තේරීම් කාරක සභා පත් කිරීමෙන් ප්‍රශ්නය යට යා හැකි බවයි.

බොහෝවිට තේරීම් කාරක සභාවට පත් වන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු බවත්  සංයුතිය අනුව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ඊට වැඩි වශයෙන් පත්වීමට ඉඩ ඇති බවත් විපක්ෂ නායකවරයා කීවේය.

-Lankadeepa