Wednesday, January 28, 2026
Follow Us
Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සඳහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමැති ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

Political

දිගින් දිගටම සිදුවන දුම්රිය වර්ජන පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, මහජනතාව පීඩාවට පත් කිරීමට කටයුතු කළ වර්ජකයන් සම්බන්ධව තරාතිරම නොබලා දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

Political

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මගහරවා ගැනීමේ ප්‍රධාන සාධකය නිසි ඇගයීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම බවත් 2024 වසරේ සිට රාජ්‍ය අංශය සඳහා එය හඳුන්වා දීමට රජය කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය .

Political

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය

සහතිකය ඊයේ ( 09) සටහන් කළේය.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.05 දින පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී ගැසට් පත්‍ර 6 ක් සළකාබලා අනුමතිය ලබා දීම සිදුවිය.

Political

මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට  අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව මෙන්ම ලොව ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 23 වැනි ගුණානුස්මරණය අද ට (10) යෙදි ඇත.

Political

ගුවන් ගමන් ප්‍රමාද කිරීම මඟින් ගොඩනැඟෙමින් පවතින සංචාරක ආර්ථිකය යළි බිඳ වැට්ටවීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක්  ක්‍රියාත්මකවේද යන්න පිළිබඳ සොයා බලන ලෙස බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්ට නිර්දේශ කරනු ලැබීය.

Political

මට පමණක් පෞද්ගලිකව මේ රට ගොඩ නඟන්න බැහැ. මම ඉන්ද්‍රජාලිකයකුත් නෙවෙයි. මට තිබෙන්නේ ආසියාවේ හොඳම මොළයත් නෙවෙයි. ඒ නිසා තනි පුද්ගලයකුට රට ගොඩනඟන්න බැහැ. අපි සාමූහික වුණොත් මේ රට ගොඩ නඟන්න පුලුවන් වෙනවා යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Political

 

ජනාධිපතා රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ (09) ප්‍රකාශයක් සිදු කර තිබේ. එම ප්‍රකාශය පහත සඳහන් පරිදි වේ.

“ඊශ්‍රායලයේ සේවය කරනු ලබන බොහෝ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටිනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ඔවුන් නිවැරදිව ස්ථානගත කර ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ සහතික කළ යුතු වෙනවා.

Political
  • ප්‍රගතිය පිළිබද පැසසුම්
    • තරගකාරී ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට නිර්දේශ
    • පෙර තීරණයක් සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයෙකු සහ අධ්‍යක්ෂක මණ්ඩලයත් කැඳවා කරුණු විමසයි
    • රක්ෂණ ප්‍රතිලාභ දීමනා කඩිනම් කිරීමේ යෝජනා
    • පාරිභෝගික සේවාව වැඩිදියුණු කිරීමටත් උපදෙස්
    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) කැඳවා තිබිණි.
Political

පාර්ලිමේන්තුව හෙට (3) සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Political

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.

Political

විදේශ ආධාර යටතේ හෝ විදේශ ආයෝජන වශයෙන් මෙරට සිදුකරන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ටද යම් ප්‍රතිශතයකින් දායක වියහැකි පරිදි අවස්ථාව සලසාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් තීරණයක්.

Political

දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම  සකස් කරන්නැයි   ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

Political

අප මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ එන්න පැරණි නීති මත නොසිට නව නීති ගොඩනගා ගත යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Political

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක වූ පසු ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන ඩොලර් මිලියන 60ක ණය මුදලෙන් ඇණහිට තිබෙන මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Political
  • MP De Silva’s critique underscores the potential damage this bill could inflict on both investment prospects and freedom of expression in Sri Lanka
  • MP Harsha de Silva’s critique is grounded in the potential ramifications of this bill