Monday, March 23, 2026
Follow Us
අදත් පාර්ලිමේන්තුව රැස් වෙයි
අද (23) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

 

ඉන්අනතුරුව, පෙ.ව 10.00 සිට ප.ව. 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.
අනතුරුව ප.ව. 6.00 ට ආගාමික හා විගාමික පනත යටතේ නියෝග අනුමත කිරීමට නියමිතයි.
ඉන්අනතුරුව ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විරුද්ධ පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.