Sunday, June 21, 2026
Follow Us
Political

කොවිඩ් – 19 නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටී.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(02) සර්ව පාක්ෂික හමුවක් පැවැත්විණි.

Political

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටතුළ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයන් හෙට (02) යළි රැස්වීමට නියමිතය. ඒ අනුව හෙට පෙරවරු 10 අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වේ.

Political

අද (06) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Political

ජුනි මස 02 වැනි දිනට පෙර නව පාර්ලිමේන්තුව රැස් වීමට නොහැකි වුවහොත් ව්‍යවස්ථාමය ගැටලුවක් ඇති විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Political

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරන ලද ගැසට් පත්‍රය බොහෝ දුරට අප්‍රේල් මස 20 වැනිදා නිකුත් කිරීමට හැකි වෙතැයි මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Political

United National Party (UNP) yesterday made several recommendations to mitigate the impact of the looming economic crisis on the public, which includes amending the Vote on Account (VoA) and considering seeking assistance from the International Monetary Fund (IMF).

Political

The United National Party (UNP) and the Tamil National Alliance (TNA) called for Parliament to reconvene to pass urgent legislation to fight the coronavirus.

Political

කොරෝනා ආසාදනයෙන් මියගිය මුස්ලිම් ජාතිකයාගේ අවසන් කටයුතු පිළිබඳ තමන් කළ අදහස් දැක්වීමෙන් පසු උද්ගත වූ තත්වය පිළිබඳ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Political

කොරෝනා වෛරසය ආසාදනය වූවන් මෙරටින්ද හමුවීමත් සමඟ එම ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක විධි විධාන ගෙන තිබෙමින් පවතින මොහොතක දේශපාලන වශයෙන් ද ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනාමතම විශාල වගකීම් කොටසක් පැවරී ඇති මොහොතකි. පක්ෂ දේශපාලනය පසෙකින් තබා ජාතික ව්‍යසනයක් පරාජය කරගැනීම වෙනුවෙන් දේශපාලන අධිකාරීන්ගේ සිට ජනතාව දක්වාම එම වගකීම විහිදී තිබේ. එවන් පසුබිමක මේ වන විට එක්සත් ජාතික පක්ෂය රජය සමඟ සාකච්ජා කරමින් එම වැඩපිළිවෙලට ඔවුන්ගේ දායකත්වය සපයමින් තිබේ. එහි ප්‍රථිපලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය රජය සමඟ ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුව ඇත්තේ මේ මොහොතේ ගෝලීය අර්බුදයක්ව පවතින කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මතුව තිබෙන ජාතික ව්‍යසනය පරාජය කිරීම වෙනුවෙන් බව එජාපය ප්‍රකාශයට පත් කර ඇත.

Political

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (01) පැවති සාකච්ඡාවේදී ආණ්ඩුවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ව ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළ බවත් වැඩි කලක් ගතවීමට පෙර එය ප්‍රසිද්ධියට පත්කරන බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Political

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව - 2020 රජයේ ආර්ථිකය පිළිබඳ සාවද්‍ය ඇස්තමේන්තු වලින් පිරී තිබෙන අතර එය රට අර්බුදයකට යන මාවතකට යොමු කරමින් තිබෙන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Political

කොරෝනා මර්ධනය සඳහා දේශපාලන නායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකත්වයට ස්තූතිවන්ත විය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

Political

The next Party Leaders’ Meeting to discuss the prevailing situation has been scheduled for today at 10 am at Temple Trees.

Political

The meeting scheduled to be held yesterday between President Gotabaya Rajapaksa and a group of UNP MPs has been postponed to tomorrow, a UNP MP told Daily Mirror yesterday.

Political

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් මාස තුනක් තුළ මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගත වීම නිසා ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවිය හැකි හෙයින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය මතය විමසන ලෙස මැතිවරණ කොමිසම විසින් දැනුම් දී ඇතත් එසේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මැතිවරණය පැවැත්වීම සඳහා ඉදිරි වෙනත් දිනයක් නියම කිරීමේ බලය මැතිවරණ පනතෙන් ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

මේ මොහොතේ කළ යුතුව තිබෙන්නේ එක් එක් ජන ප්‍රජාවගේ ආගමික හා සංස්කෘතික වුවමනාවන් මුල් කරගෙන කටයුතු කිරීම නොව ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

Political

සෞඛ්‍ය උපදෙස් නොතකමින් ඊයේ දිනයේ දේශපාලන රැ්ස්වීමක් පැවැත්වූ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකනවරයා සදහන් කරයි.