විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාද කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලු පක්ෂ නායකයන් හෙට (16 වැනිදා) රැස්වීමට නියමිතය.
රටේ පවතින තත්වය පිළිබඳව සාකිච්ඡා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරු ඉකුත් 9 වැනිදා අරලිය ගහ මන්දිරය වෙත කැඳවුවත් 20 වැනි ව්‍යවස්ථා සංශෙෘ්ධනය ගැන සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවයක් නැතැයිද එය අනිවාර්යෙන් සම්මත කළ යුතුයැයිද කියමින් කිසිවෙකුටත් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
විසි වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් ලබන 20 දා ප‍්‍රකාශයට පත් කළ යුතු වුවද, එම තීරණය මාධ්‍ය තුළ කලින් පළවීම මන්තී‍්‍රවරුන් පීඩාවට පත් කිරීමට කළ දෙයක් යැයිද, ඒ පිළිබඳව පුදුම වන බවද සමගි ජන බලවේගය පවසයි.
20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පසුව රටට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මඟින් සියලු ව්‍යවස්ථා ගැටලු විසඳන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව ඇතිවූ මහජන ප්‍රසාදය ආපසු හරවන ප්‍රකාශයක් ටී.එන්.ඒ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් සිදු කොට ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 06 ක් යොදවා තිබෙනවා.
Samagi Jana Balawegaya (SJB) yesterday said it decided to stop all public agitations against the proposed 20th Amendment due to the latest outbreak of COVID-19, its National List MP Eran Wickramaratne said yesterday.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැල්ලවත්ත ප‍්‍රදේශයේදී සොයා ගැනුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් විසින් භාවිත කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
The Samagi Jana Balawegaya (SJB) yesterday accused the Government of prioritising the 20th Amendment at a time when it should instead be focusing on combating COVID-19, which is deeply affecting all Sri Lankans.
The reason behind the removal of former Head of the Directorate of the Military Intelligence (DMI) Brigadier Suresh Sallay from his position was to prevent him being arrested on fabricated charges, former President Maithripala Sirisena told the Presidential Commission of Inquiry probing the Easter Sunday terror attacks yesterday.
තවත් දේශපාලන පක්ෂ 06 ක් අලුතින් ලියාපදිංචි කර තිබෙනවා. ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාල පක්ෂ සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.
Several issues cropped up after a relative of an LTTE member was appointed to a high position of the Human Rights Commission of Sri Lanka (HRCSL) by the previous government, former president Maithripala Sirisena told the PCoI into the Easter Sunday attacks.
20වන සංශෝධනයට එරෙහිව අදහස් දක්වන ආණ්ඩුවේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම් අතර ගැටුමක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සමාජය තුළ නැවත කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ආණ්ඩුව සම්පූර්ණ වගකිව යුතු බව සමගි ජන බලවේගය පවසනවා. අද (14) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ මහ මැතිවරණයේදී මෙන්ම ඉන් පසුවත් ආණ්ඩුව කොරෝනා වසංගතයේ අවදානම නොතක කටයුතු කළ බවයි.
අද දින (13) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා පාස්කු කොමිසමට පැමිණ තිබේ.
තමන් විසි වන සංශෝධනයට විරුද්ධ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව හමුදා බුද්ධි නිලධාරින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණයවන බව හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා අද (14) ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2019 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් විසින් බස් රථයකින් ජන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත අද (13) උපදෙස් ලබා දෙනු ලැබුවා.
මැතිවරණයට පෙර පොදුජන පෙරමුණ සමග සන්ධානගත වෙද්දී එකඟ වූ පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
Page 342 of 552