20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ විවාදයේදී නව වගන්ති ඇතුල් කිරීමේදී ජාතික ආණ්ඩු ප්‍රතිපාදනය ඉතා සූක්ෂමව නැවත ඇතුල් කොට ඇති බව නිති අංශ වලින් වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩල 30 ට සීමා කිරීමේ වගන්තිය නැවත ඇතුල් කිරීමේදී කූඨ ලෙස ජාතික ආණ්ඩු පිහිටුවීමට ඉඩ ලැබෙන වගන්තිය නැවත ඇතුල් කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව එම ප්‍රතිපාදන යොදා ගනිමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට ගැනීමේ ඉඩක් තිබෙන බවද වාර්තා වේ.
දැනටත් සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ මුස්ලිම් පක්ෂ දෙකක මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ආණ්ඩුවට ඇතුල් වී ඇමතිකම් ලබා ගැනීමට බලාසිටින බව රහසක් නොවේ.
නමුත් ඔවුන් ආණ්ඩුවට ඇතුල්කර ගතහොත් ආණ්ඩුවේ ජනවරම අහෝසි වන බව ජාතික සංවිධාන කියයි.
(Lanka Leads)