Tuesday, January 27, 2026
Follow Us
Political
තොග පරීක්ෂා කිරීමට වත්මන් පනත අනුව බලයක් නෑ - අමාත්යාංශ ලේකම් පවසයි
වසර 19ක් පමා වී ඇති 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙස පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගික සේවා අධිකාරියට පසුගියදා දැනුම් දී තිබේ.
Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12) පත් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා පක්ෂ සභාපතිත්වයෙන් ඊයේ (12) ඉල්ලා අස්වී ඇති අතර එම ඉල්ලා අස්වීමෙන් පසුව නව සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත් කරගෙන ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය විසින් ඊයේ (12) විධායක සභා රැස්වීම කොළඹ පිහිටි හෝටලයකදී පැවැත් වූ අතර එහිදී මෙම පත් කිරීම සිදු කර ඇත.

Political

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

Political
  • දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය අවසන්.
  • දූෂණය පිටුදැකීම වෙනුවෙන් විප්ලවීය පියවර රැසක් ගනු ලැබුවා.
  • හොරු ආරක්ෂා කිරීමට පැමිණි බව කියන ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනාවා.
  • පසුගිය දෙවසර තුළ පමණක් නව නීති 75ක් සම්මත කළා.
  • දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
  • රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතියේ ක්‍රියාකාරිත්වය මතයි.
  • යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි.
Political
  • ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්.
  • කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක්.
  • කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක්.
  • කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීමට හැකියාව.
  • 2030 වන විට කාන්තා දේශපාලන පක්ෂයක් පිළිගැනීමට නීතිය සංශෝධනය කළ යුතුයි- ජනපති.
Political

රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝග භාර ගෙන පලා නොගිය නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Political

පෙර පාසල් ගුරුවරු පුහුණු කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන බව  ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(14) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. දරුවකුට සමාජගතවීම උගන්වන්නේ මෙම පෙරපාසල් අධ්‍යාපනය තුළින් බවත්, එම නිසා පෙර පාසල් අධ්‍යාපනය වඩාත් විධිමත් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය.

Political

වසර දෙකකට පෙර පැවති තත්ත්වයට වඩා 200%කින් රටේ ආයෝජන පරිසරය යහපත් අතට පත් වී ඇති බවත් 2024 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇති ඉලක්කය මෙම වසර අවසානය වන විට තෙගුණ කළ හැකි බවත්, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Political

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Political

වතු කම්කරු ප්‍රජාවේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පැවසීය.

Political

මුජිබර් රහුමාන් මහතා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (10) කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Political

පාර්ලිමේන්තුව අද (09) රැස්වූ අතර  පෙ.ව. 09.30 - ප‍ෙ.ව. 10.30; වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීම ආරම්භ විය. 

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හා ජනාධිපතිවරණ පනතේ දක්වා ඇති නිශ්චිත කාලවකවානු අනුව මෙවර ජනාධිපතිවරණය ද පැවැත්වීම හා දින නියම කිරීම සිදු කෙරෙන අතර එය කිසිසේත් හදිසියේ රජය ගත් තීරණයක් නොවන බවත් අය-වැය මගින් මුල දී ම ඒ සඳහා මුදල් ප්‍රතිපාදන ද වෙන් කර ඇති නිසා ජනාධිපතිවරණය පැවැත්වීම වෙනුවෙන් මූල්‍ය ගැටලු‍වක් මතු විය නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Political

පාර්ලිමේන්තුව මැයි මස 13 වැනි දා සඳුදා, සහ 14 වැනි දා අඟහරුවාදා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසුවාය. ඊයේ (09)  කථානායක මහින්ද යාපා අබේවර්ධනමහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී ඇත.

Political

ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කොට අභියාචනාධිකරණය මඟින් පසුගියදා ලබා දුන් තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනා පෙත්සම විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණ නින්දුව අද(08) ප්‍රකාශයට පත් කළේය.

Political

වර්තමාන ආණ්ඩුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධූර කාලයේ ඉතිරි කොටස තුළ රට පාලනය කිරීම සඳහා පිහිටුවා ගත් අන්තර්කාලීන වැඩපිළිවෙළක් බවත් එවන් අවස්ථාවක රාජ්‍ය දේපොළ කඩිමුඩිය විකුණා දැමීමෙන් රටට වැඩදායී ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කළේය.

Political

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලවල වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය අද (08) කැබිනට් අනුකමිටුවට ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය.