Saturday, July 11, 2026
Follow Us
පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැක- මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරණය කල් දැමීමට කිසිසේත් හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිරි දිනවලදී යම්හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවුවද ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පෙන්වා දුන්නේය.