පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (02) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.
-
Details
-
Political
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ ලකුණින් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් කර නොමැති බවත් එම තීරණය මේ දක්වා අභියෝගයට ලක් වී නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා අද (2) පැවසීය.
-
Details
-
Political
දේශපාලනයට පෙර රට පිළිබඳ සිතන ඕනෑම අයෙකු මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කළේය.
-
Details
-
Political
විජයදාස රාජපක්ෂ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
-
Details
-
Political
බංකොලොත්භාවයෙන් ගොඩ ඒමේ දී රටට ආදර්ශයක් වෙමින් පළමුව කැපකිරීම් කළ යුත්තේ රාජ්‍ය නායකයා වුවත් අප රටේ කැපකිරීම් කරන්නේ සාමාන්‍ය ජනතාව පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
-
Details
-
Political
පොලිස්පති ගැටලුව සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් දෙන්නැයි ජනපතිට ලිඛිතව දැනුම්දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
-
Details
-
Political
සමගි ජන බලවේග රජයක් යටතේ තේ නිෂ්පාදනය දියුණු කරන නව තේ නිෂ්පාදන ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
-
Details
-
Political
ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප මුදල් තැන්පත් කර තිබෙන බව වාර්තා වෙයි.
-
Details
-
Political
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92ක් ඉදිරි ජනාධිපතිවරණයේ දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බව මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තහවුරු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
-
Details
-
Political
සැමට සමාන නීතියක් ජාතික ජන බලවේග රජයක් යටතේ නිර්මාණ කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.
-
Details
-
Political
දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
-
Details
-
Political
ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රටේ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවදානමක් ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
-
Details
-
Political
ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන අතර ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු - අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය.
-
Details
-