Monday, January 26, 2026
Follow Us
ගිනි අවි ආපසු භාර දෙන ලෙස මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර සිටි.

ඒ අනුව  මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100කට ආසන්න පිරිසක් එලෙස ගිනි අවි ලබා ගෙන ඇති බව මන්ත්‍රී සේවා අංශය පවසයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වූ බව එම නිළධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Dinamina