ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF වාර්තාව තවමත් නිල වශයෙන් නොලැබීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්ණ කළා.
නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බවත් විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
රටේ ආර්ථිකය මේ වන විට ආපදා තත්ත්වයකට කඩා වැටී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු සඳහන් කළේ එම තත්ත්වය මේ වන විට සෑම ජන කොටසකටම බලපා ඇති බවයි.
කෑගල්ල ප්‍රදේශයේ පැවති ජනතා විරෝධතාවක් අතරතුර තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසයි.
ලබන 23 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සදහා සහභාගි වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් පැවසුවේ රටේ පවතින ප්‍රශ්න පිළිබද සාකච්ඡා කිරීමට පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊට සහභාගි වන බවයි.
ඩොලර් අර්බුදය හමුවේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත යුතු සියළු පියවර මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය සීමා කළේ ඉන් එක් පියවරක් ලෙස බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව 23 වැනිදා පැවැත්වීමට නියමිතය. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට ආරාධනා කර තිබෙනවා.
ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ආණ්ඩුව අතහැර යාමේ සූදානමක සිටින බව වාර්තා වනවා. ආණ්ඩුව නියෝජනය කරන කොටසකට පමණක් පක්ෂපාතී ලෙස යම් යම් තීරණ ගැනීම ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
සර්ව පාක්ෂික සමුළුවක් කැදවීමෙන් ආණ්ඩුවට විශේෂ සහයෝගයක් ලබාදීම අදහස් නොවන නමුත් මේ මොහොතේ ජනතාව මුහුණ දී සිටින දැඩි පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සියලු දේශපාලන නායකයින්ගේ වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
In the wake of the foreign exchange crisis, Sri Lanka has sought further financial assistance from China including the deferment of loan payments and a credit arrangement to import essentials and raw materials, Daily Mirror learns.
Page 189 of 554