Tuesday, August 04, 2026
Follow Us
එජාප කෘත්‍යාධිකාරී රැස්වීම සඳුදා තෙක් කල් යයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල්දමා ඇති බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා. මෙසේ කල්දමා ඇත්තේ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබී කෘත්‍යාධිකාරී රැස්වීමයි.

එජාපයේ මූලිකත්වයෙන් ගොඩනැගීමට නියමිතව තිබෙන දේශපාලන සන්ධානයට අදාල තීරණාත්මක කරුණු කිහිපයක් මෙම රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය. ඒ අතරට නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම හා නව සන්ධානයේ ලේකම්වරයා නම් කිරීමද ඇතුළත් වේ.

(LNW)