Thursday, February 19, 2026
Follow Us
නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරු ලබන 07 වැනිදා කොළඹට කැදවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් ලබන 07 වැනිදා කැදවීමට නියමිතව තිබේ.

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

එහිදී ඉදිරි මහ මැතිවරණයට තරග කරන ආකාරය මෙන්ම තවත් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

(Lanka Leads)