Thursday, February 19, 2026
Follow Us
ආණ්ඩු පක්ෂයේ සහ එජාපයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් අද

පාර්ලිමේන්තුවේ නව සභාවාරය හෙට (03) ආරම්භ වීමට නියමිතව ඇති අතර අද දිනයේදී ආණ්ඩු පක්ෂයේ සහ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද (02) පෙරවරු 11.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත්වෙනු ඇත. එහිදී පාර්ලිමේන්තුවේ නව සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා තෝරාගැනීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

(LNW)