Thursday, February 19, 2026
Follow Us
අසාධ්‍යය තත්වයේ කී රාජිත සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට

කොළඹ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලෙහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරු කර තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ රාජිත සේනාරත්න මහතා සාමාන්‍ය ප්‍රතිකාර ඒකකයට මාරුකළ බවයි.

ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ රාජිත මහතා පසුගිය 30 වැනිදා ඇප මත මුදා හැරුණි.

(Lanka Leads)