Thursday, February 19, 2026
Follow Us
පුළුවන්නම් මම හිරේ දාපං… රිෂාඩ්ගෙන් අභියෝගයක්

මන්නාරමේ මුස්ලිම් ජනතාව නැවත පදිංචියට ගියේ ‌මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ රජය සමයේ නොව රාජපක්ෂ ආණ්ඩුව සමයේ බව හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

ඔවුන් ආණ්ඩුව කරන සමයේ නැවත පදිංචි වීමට අවශ්‍ය සියලුම පහසුකම් සපයා ඉන්පසුව තමන්ට දෝෂාරෝපණය කරන බව ඔහු පවසා සිටියා.

වත්මන් ආණ්ඩුවේ බොහෝ දෙනෙකු පවසන පරිදි තමන් විසින් විල්පත්තු වනය විනාශ කර ඇත්නම් දිය හැකි උපරිම දඬුවම දෙන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවද ජනහමුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

(Lanka Leads)