Thursday, February 19, 2026
Follow Us
රංජිත් සොයිසා වෙනුවට බිරිඳ මහ මැතිවණයට

රත්නපුර දිස්ත්‍රික් එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මීළඟ මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට නියමිත බව වාර්තා වේ. රංජිත් සොයිසා මන්ත්‍රීවරයා පසුගියදා හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර මේ වනවිට ඔහුගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා වෙනත් පුද්ගලයෙකු පත්කර තිබේ.

සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය සිය නිවසේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කළ බව ප්‍රකාශ කළාය. සිය සැමියාගේ ආධාරකරුවන්ගේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි මෙම තීරණයට එළඹි බව ඇය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමන් රත්නපුර දිස්ත්‍රික්කය සඳහා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඇය පවසන්නේ.

(LNW)