Thursday, February 19, 2026
Follow Us
සජිත් – රනිල් අද තීරණාත්මක හමුවක…සියලු මන්ත්‍රිවරුන්ටත් සිරිකොතට කැඳවීමක්

එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අද(30) දිනයේ කොළඹට කැඳවා තිබේ.

ඒ අනුව අද උදෑසන 11.00ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී විශේෂ හමුවක් පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේනතු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් ද අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

විපක්ෂයක් ලෙස ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති බව වාර්තා වෙයි.

(Lanka Leads)