Thursday, February 19, 2026
Follow Us
රාජිත, පී හැරිසන් ඇතුලු හිටපු ඇමතිවරු පිරිසක් තවමත් නිල නිවාස භාර දී නොමැති බව හෙළිවේ

හිටපු අමාත්‍යවරුන් 05 දෙනෙකු තවමත් ඇමති නිල නිවාස පරිහරණය කරන බවට තොරතුරු වාර්තා වනවා.

රාජිත සේනාරත්න, පි හැරිසන් සහ ගයන්ත කරුණාතිලක ඇතුළු හිටපු අමාත්‍යවරුන් 05 දෙනෙකු තවමත් ඇමති නිල නිවාස භාරදී නොමැති බවයි වාර්තා වන්නේ.

මංගල සමරවීර, හරීන් ප‍්‍රනාන්දු සහ නිරෝෂන් පෙරේරා යන ඇතුලු හිටපු අමාත්‍යවරුන් පිරිසක් මේ වනවිට තමන් පරිහරණය කළ නිල නිවාස භාරදී තිබෙනවා

(Neth)