ජනාධිපතිවරණයේදී තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටි පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් නීත්‍යනුකූලව ගත හැකි උපරිම පියවර ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අද (19) අගලවත්ත ප්‍රදේශයේදී පැවති එජාප පාක්ෂික හමුවකදීය.
ජනාධිපතිවරණය සඳහා සහාය දුන් පාක්ෂිකයන් හමුවීමේ වැඩසටහන් මාලාවේ එක් පියවරක් ලෙස මෙම හමුව සංවිධානය කර තිබිණි.
ජනාධිපතිවරණය සූදානම් වන අවස්ථාවේදී එක් එක් කතා පැතිර ගියද නාමයෝජනා භාරදීමෙන් පසුව චම්පික රණවක මහතා ජයග්‍රහණය වෙනුවෙන් හදවතින්ම කැප වී කටයුතු කළ බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.
(LNW)