Thursday, February 19, 2026
Follow Us
ශ්‍රීලනිපය මහමැතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු අරඹයි

මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් සිය මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

ඒ අනුව මහ මැතිවරණයට අපේක්‍ෂකයින් තෝරා ගැනීම සඳහා කමිටුවක්ද පත්කර තිබෙන බවයි එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පැවසුවේ.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ පොදු තීරණවලට පටහැනිව කි‍්‍රයාකළ සාමාජිකයන් සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණ ද තවදුරටත් සිදුවන බව මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)