Thursday, February 19, 2026
Follow Us
විග්නේෂ්වරන්ට එරෙහිව නීතිමය පියවර

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් සිදුකර ඇති ප්‍රකාශයට එරෙහිව ඉදිරියේදී අවශ්‍ය නිීතිමය පියවර ගනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඔහු කියා සිටියා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බවයි.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥයින් විසින් ගොතන ලද ප්‍රබන්ධයකට අනුව මිස යථා මූලාශ්‍රවලින් තොරව බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ඉකුත් දා ප්‍රකාශ කර තිබුණා. ඔහු පවසා තිබුණේ මෙරට කිසිදු පුද්ගලයෙකුට හෝ දේශපාලනඥයෙකුට ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හැදින්වීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත තවදුරටත් මෙලෙස අදහස් පල කළා.

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් පොලිස් මූලස්ථානයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

(Neth)