Thursday, February 19, 2026
Follow Us
“MCC අත්සන් කරන ආණ්ඩුවක අපි ඉන්නේ නෑ” – විමල් ප්‍රසිද්ධියේ ම කියයි

ඇමරිකානු මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අධ්‍යනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම කමිටුවට පත් කර ඇති පුද්ගලයන් නිසා ඒ ගැන විශ්වාසය තැබිය හැකි බව ද ඇමැතිවරයා පවසයි.

අදාළ ගිවිසුම සම්බන්ධයෙන් තමන් පෙරදැරු මතයේම සිටින බවත් ඒ ආකාරයේ ගිවිසුමක් නව රජය විසින් අත්සන් නොකරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එම ගිවිසුමට අත්සන් තැබුවහොත් තමන් ආණ්ඩුවේ නොසිටින බව ද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ”වියත් පවුර” විසින් පානදුර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ වැඩසටහනකට එකිවෙමිනි.

(Lanka Leads)