Friday, July 11, 2025
Follow Us
ව්‍යවස්ථා සංශෝධනයකට සජිත් පිල සැරසෙයි !

එක්සත් ජාතික පක්ෂයෙහි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කෙරෙහි සජිත් පාර්ශ්වයේ අවධානය යොමුව පවතින බව වාර්තා වේ.

පක්ෂ ව්‍යවස්ථාවෙන් පක්ෂ නායකත්වයට පැවරී ඇති අත්තනෝමතික බලතල අඩුකරමින් දැනට පවතින තත්වයට වඩා ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් ලැබෙන අයුරින් එය සංශෝධනය කිරීමට සජිත් පිල සූදානමින් සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන සතියේදී ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද ඔවුන් සැලසුම් කර ඇති බව වාර්තා විය.

එමෙන්ම පක්ෂයෙහි නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු වෙනස් කිරීම ද දෙසැම්බර් 25 වනදාට පෙර සිදුකිරීමට නියමිතව තිබේ.

(LNW)