Wednesday, February 18, 2026
Follow Us
මහ මැතිවරණය වෙනුවෙන් ජවිපෙ තීන්දුවක් ගනියි

ජනාධිපතිවරණය සඳහා මෙන්ම එළඹෙන මහ මැතිවරණය සඳහාද ජාතික ජන බලවේගය ලෙස මාලිමාව ලකුණින් තරග කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති.

ඉකුත් ජනාධිපතිවරණයෙදීද ජාතික ජන බලවේගය ලෙස තරගකළද අපේක්ෂිත ප්‍රතිඵලය එහිදී නොලැබුණු බවයි ජනතා විමුක්ති පෙරමුණ මීට පෙර කියා සිටියේ. එසේ තිබියදීත් මහ මැතිවරණයේදීද ජාතික ජන බලවේගය ලෙස තරග කිරීමට තිරණය කළේ මන්දැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

වත්මන් පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණට හිමි මන්ත්‍රීධූර සංඛ්‍යාව 06ක්.

(Neth)