Wednesday, February 18, 2026
Follow Us
විපක්ෂනායක ධුරය සජිත්ට – එජාපය තීරණය කරයි !

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

අද (05) දිනයේ මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක්ම මේ වනවිටත් පැවැත්වෙන අතර සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් එකඟතාවකට පැමිණ ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා වෙතම තවදුරටත් ලබාදීමට ද ඔවුන් එකඟ වී ඇති බව වාර්තා විය.

(Lanka Leads)